Tuesday 1 March 2011

වසාපන් මේ මා දිනමිණ විගසේ

නීල ගණදුර පැතිරෙන       අඹරේ
සරා සඳ කුමාරි පිපියන්    රහසේ
ශ්වේත වූ වළා කුමාරෝ   රිසිසේ
වසාපන් මේ මා දිනමිණ  විගසේ

(තේරුම: ගණ අඳුර පැතිරෙන අහසට එන්න සඳ කුමාරි, සුදු වලාකුළු විත් හිත් පරිදි වසන්න මේ මහා සුර්යයා)

මිහිකලා දුකින් වියලී ඇත           සරියේ
මල්ඵල අතැර තුරුලිය හැඩවෙයි දුකිනේ
දියවලා නැගණි මුතු ඇට වැසි     දෙමිනේ
වසාපන් මේ මා දිනමිණ             විගසේ
(තේරුම: පොලෝ තලය වියලී ඇත, ගස් වැල් මල් ගෙඩි නැතිව දුකින් ඇත. වැහි වලාකුලක් ඇවිදින වැස්සක් දී වසනු මැන මේ මහා සුර්යයා)


ගගුලිය, දොළලිය මිහින්     දුරු වී
සිසිලස සිතගත නොහදන  කල්හී
මඳ මඳ තරුකැට අහසට වන්හී
වසාපන් මේ මා දිනමිණ  විගසී

(තේරුම: ගංගා ඇලදොළ වියලී ගොසිනි, සිසිලසක් ඇත්තෙම නැත. යන්තම් දිලෙන කුඩා තරුකැට විත් වසනු මන මේ මහා සුර්යයා)

සරා සඳ කුමරි පිපිලා    රහසේ
මල් ඵල  ත්රුලිය වෙත ආ සතොසේ
ගගුලිය දොළලිය මිහිමත සැරසේ
වැසුවා මේ මා දිනමිණ විගසේ

(සඳ ඇවිත් අහසට, මල් ඵල ඇවිත් ගස් වලට, ගංගා ඇලදොළ පිරී ඉතිරි ගොසිනි. වසා ඇත මේ මහා සුර්යයා)

10 comments:

  1. කවි පෙල ගොඩක්ම ලස්සනයි.
    ඊටත් වැඩිය චූටි ටීචර් බ්ලොග් ලියන්න ආයෙම ආපු එකට ගොඩක්ම සතුටුයි.

    ReplyDelete
  2. අවරට ගියත් හිරු ගනදුරු වැටෙන විට
    හෙට නැග ඒවි නුබ දුක් නොවී හිට

    ReplyDelete
  3. කවි කියෙවුවේ නෑ තාම... ඒත් නැවතත් පැමිණීම ගැන සතුටුයි..

    ජය වේවා...!!

    ReplyDelete
  4. චූටි ටිචර් ආපහු ආපු එක ගැන නම් ගොඩාක්ම සතුටුයි.
    ජයෙන් ජයම වේවා!!!

    .........නෙලුමා.........

    ReplyDelete
  5. අම්මො ටීචර් ඇවිල්ල....... අපට ගොඩාක් සතුටුයි....
    කවියකින්ම ටීචර්ට උත්තරයක් දි ගන්න බැරිවුනෙ ටීචර්ගෙ ප0තියට එන්න බැරවුන නිසාවෙන්.
    නමුත් කවි පෙල දැක්කම හිතෙනව/දැනෙනව ටීචර් අපට කවි කියානොදීම යන්න හදනවදො කියල....
    ටීචර්ට තවම දුකයි නේද?
    අපේ බ්ලොග් ප0තියෙ ළමයි ඔක්කොම ටීචර්ට ගොඩක් ආදරෙයි...
    දිගටම බ්ලොග් ලියන්න එන්න ටීචර්........
    ටීච‍ර්ට සදා ජය!!!

    ReplyDelete
  6. හ්ම්... තාම හිත හරි ගිහිල්ල නෑ වගේ. ඔව්ව ඔහොම තමයි. පරණ දේවල් අතෑරල දාල ඔන්න ඔහේ ආයෙමත් ලියමු.

    ReplyDelete
  7. අයියෝ ඔයාගෙ කවි තේරුම් ගන්න හරි අමාරුයිනෙ. අර සුභාෂිතයෙ එහෙම වගේ බැරිද කවි වල තේරුම කවි වලට යටින් දාන්න? මට ඕ ලෙවෙල් සිංහලවලට තියෙන්නෙ සී එකක්. සාහිත්‍යයට බොරුවමයි කලේ. ඉතින් මේ කවි මට නම් සිරාවටම බර වැඩියි.

    මෙතන මොකක්ද දිනමිණ කියන්නෙ? දිනමිණ පත්තරේද? මේ දවස්වල අර දිනමිණ කර්තෘ මහින්ද අබේසුන්දර මහේලට තරඟ පාවා දීමේ චෝදනාවක් එල්ල කරල සෑහෙන්න චාටර් වෙලා ඉන්නෙ. ඔයා මේ ඒකට විරෝධය පෑමක් විදියට දිනමිණ පත්තරේ වහන්න කියලද කියන්නෙ? ඒකට නම් කරන්න ඕනෙ මහින්ද අබේසුන්දරව ගෙදර යවන එක මිසක් දිනමිණ වහන එක නෙමෙයි. හැබැයි මහින්ද අබේසුන්දර එහෙමෙ ගෙදර ඇරියත් ලියන එක නවත්වන මිනිහෙක් නෙමෙයි. මිනිහා ඔයා වගේ නෙමෙයි. මිනිහව ගෙදර ඇරියොත් මිනිහා මොනවා හරි ගෙදර හරි ඉඳන් ලියලා දිනමිණේ වාටියෙ හරි දාගන්නවා. ඒකට ඕගොල්ල තමයි පොඩ්ඩ බැරි වෙනකොට ලියන එක නවත්වන්නෙ.

    ඔයත් කාලයක් සන්ඩේ ඔබ්සවර් එකේ වැඩ කලානෙ. ඔහොම පත්තර වහන්නෙයි කියලා කවි ලියන්න එපා. දිනමිණේ වැඩ කරන අනිත් මිනිස්සු ජීවත්වෙන්නෙ කොහොමද? පොඩ්ඩක් හිතන්න. මහින්ද අබේසුන්දර මහේලට අපහාස කරපු කේස් එකත් මේ දවස් වල යන හින්දා ඔයාගෙ ඔය තේරෙන්නෙ නැති කවි දැකලා දිනමිණ පත්තරේ වහලා දාන්න ඕනෙ කියලා කාට හරි හිතුනොත් ඔයාට තමයි පව් සිද්ධවෙන්නෙ. හා හොඳයි නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
  8. අන්තිම ඇනොට..

    සාහිත්‍යට සී එකක් කියන එක තේරුම ගන්න පුළුවන්. දිනමිණ කියන්නේ ඉරට කියන වග 8 වසරේ ළමයෙක උනත් තේරුම ගනීවී. ඔය පින්තුරෙකුත් දාල තියෙන්නේ. මේ කියන්නේ ඉර අව්ව වැඩි නිසා ස්වාභාව ධර්මයේ තියෙන අනෙක් ඒවාට ඇවිත් ඉර වහන්න කියල. කවියට යටින් තේරුම දාන්නම්.

    මම තාමත් සන්ඩේ ඔබ්සර්වර පත්තරේට ලියනවා. ගිය සතියෙත් මගේ ලිපි තිබුනා. ඊළඟ සතියෙත් තියෙනවා. මම ලියන එක නවත්තලා නෑ . මම තවමත් රජයේ ප්‍රවෘත්ති දෙපාරතමේන්තුවේ මාධ්‍ය හැදුනුම්පත සහිත මාධ්‍යවේදිනියක්. මම නවත්තනවා කිව්වේ සිංහල බ්ලොග් එක විතරය්. මගේ අනන්‍යතාවය සිංහල ලිවීම නෙවෙයි. මම ඉංග්‍රීසි මාධ්‍යවේදිනියක්. ඒ අනන්‍යතාවයෙන් හිටපු කිසිදවසක මගේ හිත රිදිලා නෑ. ළඟ හිටපු අයගේ කීමවත් පිළිගන්නේ නැතුව පටන් ගත්තු සිංහල ලිවිල්ල නිසා මට සිදුවුණු දේ ගැන කනගාටුයි.

    ReplyDelete
  9. කවි වල තේරුම දාපු එක ගැන පිං. මට ඔයාට වගේ හොඳ භාෂා දැනුමක් නැහැ.

    ReplyDelete
  10. චූටි ටීචර්ගේ චූටි(චූටි කිව්වට චූටිම නැතුව ඇතැයි සිතමි.) සිත රිදුනේ කුමක් නිසාද?

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?