Showing posts with label පාසල. Show all posts
Showing posts with label පාසල. Show all posts

Tuesday, 1 February 2011

අතීතය..

මතක පිටු අතරේ
නුඹ රුව මැවේ
නුඹ හඬ ඇසේ...
යන්නට ඇත්නම් ආයෙත්...
ඒ සොදුරු විදුබිමට....
උනා නම් ආයෙත්
පාසල් සිසුවියක්...
දුව පැන ඇවිදී
කෙලිකම් කරමින් සිටි
ඒ විදු පියසේ සරන්නට
මතක සයුර ආයෙත් කළබවන්නට......

Thursday, 20 January 2011

වෙනස

ගුරුවරියක් නොවුවානම්
සැනසීමෙන්
පියනගන්නට තිබුනා පාසලට,
කණිසමටත් පසුව....!


ප.ලි: ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටීචර් ලාගෙන් බැනුම් අහන්න වෙයි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල බයට වේලාසන ඉස්කෝලේ යන්න දඟලනවා. දැන් රතු ඉරට කලින් ඉස්කෝලේ යන්න දඟලනවා.