Showing posts with label නිසදැස්. Show all posts
Showing posts with label නිසදැස්. Show all posts

Thursday, 10 February 2011

තනිය...

තනිය සැපයි
එක්වී විදින දුකට වඩා...
අසන්නට කෙනෙක් නැත...
බලන්නට කෙනෙක් නැත...
අද මා පමණි...
ම ලෝකය කරකවමි
රිසි පරිදි...
යකා කළු නැත
සිතු තරම්....

Wednesday, 9 February 2011

වෙන්වීම...

ගිනි ගෙන දැවී
හද මැදුර.....
දවා හළුවී ගිය කල
මහා වැස්සක් විත්
සෝදා හළේය
අන්තිම අළු ටික...
අවසානයේ....
මම තනිවීමි.......

Thursday, 20 January 2011

වෙනස

ගුරුවරියක් නොවුවානම්
සැනසීමෙන්
පියනගන්නට තිබුනා පාසලට,
කණිසමටත් පසුව....!


ප.ලි: ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටීචර් ලාගෙන් බැනුම් අහන්න වෙයි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල බයට වේලාසන ඉස්කෝලේ යන්න දඟලනවා. දැන් රතු ඉරට කලින් ඉස්කෝලේ යන්න දඟලනවා. 

Wednesday, 12 January 2011

෴ගුරු සිත නොරිදවා෴

ගුරු සිත රිදී
කවි සිත මැකී
ගලා යන සිහින් කඳුළු බිදුවක්
බොඳ කරවීය
දුටු ගුරු සිසු සිහින...

ලකුණකි දෙකකි
එය මුළු ලකුනටද නොදැනේ...
එහෙත් එය වටී
නුඹට
ගුරු සිතට වඩා...

දුටිමි සිහින
කප්පරක්...
අද එයද බොදවී...
ලෙන්ගතු නැති සිසු කැළ
පමණක් ඇත ඉතිරිවී......

Monday, 10 January 2011

මවුනි දයාබර...

නේක වදනින්
ඔබව රිදවා
සතුටු වන්නට නොසිතුවෙමි
මම...
නමුදු...
ඔබේම ලෙයින් උපන්
මා හට
සමාව හිමි බව
තිර නිසාවෙන්
සිත නිදහස් කරගත
යුතු නිසාවෙන්....

Thursday, 6 January 2011

හැඟුම්.......

සත් වසකට පෙර ඇරඹි 
අප පාසල් ප්‍රේමය...
බාදක වැට කඩොලු,
සුන්දර මතක අතරින් 
ගලා ගිය අපේ ලෝකය...
අද..
නැවතී සොඳුරු මංසලක
අලුත් පැතුමන් හා එක්ව  ..
ඉබි ගමනින් යන කාලය 
රන් හුයෙන් අප බැදෙන 
දින තෙක් 
නොඉවසිල්ලෙන් මහද පුරවයි...

Wednesday, 29 December 2010

කඩ ඉම

රාත්‍රිය නිහඩයි...නිසසලයි...
බියකරුවූ ලෙසින්...
ජීවනගමනේ තවත් කඩ ඉමක්‌
පසු කරන්නට ලගයි දැන්..
මියෙම්දෝ....රැකෙම්දෝ...
ඉරණමට බාරයි...
නමුත්..
දෙවිදුනේ
ඉඩ හරින්න..
තවත් කාලයක්
ජීවිතය දිගහරින්නට
ජීවිතය ජීවත් කරන්නට
යහපත් වූ ලෙසින්...

ප.ලි. මට මේ කවිය හම්බුනේ පරණ කොළ වගයක් අස්සේ තිබිලා. මට තාමත් මතකයි මං මේක ලියපු දවස. මං ප්‍රශ්නයක් නිසා හොඳටම අවුල් වෙලා හිටපු රෑක මං  මේක ලිව්වේ. මට ඒ වෙලාවේ ඕන කලේ හැමදේම දාලා ජීවිතය අවසාන කරන්න. මට ඒ තරමට දරාගන්න බැරි වුනු ප්‍රශ්නයක්. අන්තිමට කොලයක් අරන් මේ කවිය ලිව්වා. කවියේ අන්තිම හරිය වෙනකොට මං කලබලවෙලා හිටපු එක ටිකක් අඩු වෙලා හරි සිහියෙන් හිතන්න පුළුවන් මට්ටමට ආවා. දැන් තමයි තේරෙන්නේ කොච්චර මෝඩ වැඩක්ද මං කරන්න හැදුවේ කියලා.

Monday, 27 December 2010

~ආදරණීය නුඹ~

සත් වසරක් තිස්සේ
කිසිවෙකුටත් වඩා 
බොහෝදේ ඉවසාගෙන...
ප්‍රේමය අඩු නැතුවම දී..
නුඹ මා රකී අදරින්..

සත් වසරක් තිස්සේ 
වුනු දේ බොහොමැයි..
නොවිය යුතු දෑද
අනන්තව සිදු වුනේමැයි...
එහෙත් ඔබ මා
තවම සුරකියි...

ජීවිතය මෙයැයි
කිසිදා තේරුම් නොගෙන..
ළඟ බලා දුර නොබලන්ට සිතාගෙන
කල වැරදි බෝමැයි
සමාවනු මැන..
ඔබට බොහෝ පින්,
හෙවනැල්ල වී මා ලඟම සිටියාට...

~පළිගැනීම~

අමාවක සඳ
නුඹ...
ආලෝකය අයැදි විට
නොදුන්...
වළාකුල නොවේ යැයි
නොසිතන්න
මම...
පුරහඳ වූ දාට
නුඹ වසන...

Tuesday, 21 December 2010

"~~පැතුම්~~"

කිචි බිචිය නතර කර
සකිසඳට
ඉඩ දෙන්න..
උදා හිරු කිරණ වී
යලිත් උදයෙන්
එන්න...
විරාමයක් වී සිතට
සතුට ආලෝකය
දෙන්න..
මගේ සිතේ මා දුටුව
සොඳුරු සිහිනය
වන්න...

Sunday, 19 December 2010

"~~~ආයාචනය~~"

සිහිනයක්ව ඉන්න ඉඩ දෙන්න
ඔය පියාපත් සෙවන යටින්..
සැමදාම සතුටින්
හිඳීවි මම...
එකල හිටිය වගේම..
හිතුවක්කාර කෙල්ල මම
හැමදාම මිදී යන්ට තතන..
එහෙත්..
නුඹ දනී
මට වඩා හොඳින් දනී..
මිදී ගිය හැම විටම
මා කඳුලින්ම  වග..
දෙන්නට එපා මට
පිටව යන්නට
අයෙ කවදාවත්...
රඳවා ගනු මැනවි..
දියණියක ලෙසින්..

~~~සීලය...~~~~

නිසල විල අසල හිඳ,
තුන්තරා බෝධියක්
අරමුණක් කොට ගෙන..
බවුන් වැඩුවා අයෙක්..
අනාගතයේත් වර්තමානයේත්..
සංකලනයක් බඳුවූ..
කතක්..
බිඳ දැමුවා..
ඒ සිල්..
ක්ෂණයකින්...