Thursday 20 January 2011

වෙනස

ගුරුවරියක් නොවුවානම්
සැනසීමෙන්
පියනගන්නට තිබුනා පාසලට,
කණිසමටත් පසුව....!


ප.ලි: ඉස්සර ඉස්කෝලේ යන කාලේ අපි ටීචර් ලාගෙන් බැනුම් අහන්න වෙයි ශිෂ්‍ය නායක නායිකාවන්ගෙන් බැනුම් අහන්න වෙයි කියල බයට වේලාසන ඉස්කෝලේ යන්න දඟලනවා. දැන් රතු ඉරට කලින් ඉස්කෝලේ යන්න දඟලනවා. 

9 comments:

  1. ජීවිතේ හැටි තමයි.
    ඒකාලේ නිකමටවත් හිතුවද ඔහොම වෙයි කියල?

    ReplyDelete
  2. රතු ඉර කියන්නේ මොනර වාහිනියේ විකාශනය වෙන වැඩසටහනද ? හි..හි..හි..

    අම්මෝ එකනම් ඇත්ත ටිචර්ලා අපට වෙලාසන එන්න කියලා එයාල පරක්කු වෙලා එනවා. එයාලට දඩුවම් නෑ අපිට තමයි දඩුවම් දෙන්නේ.

    ReplyDelete
  3. ඉස්සර ඉස්කෝලේ ගිය ජීවියද ?
    දැන් ඉස්කෝලේ යන ජීවිතයද ? වඩා ලස්සන ..

    ප.ලි: අපෙ ගුරුතුමී යයි තාමත් ඉස්කෝලේ .

    ReplyDelete
  4. ඒක කොහොම වුනත් ආයෙත් ඉස්සර ගියා වගේම ඉස්කෝලේ හරි යනවනේ.... ඒකම මදැයි... ගුරුවරියක් කියන්නේ හරිම උතුම් සේවයක් ( රැකියාවකටත් වඩා... )....!

    ReplyDelete
  5. හරි හරි අදනම් රතු ඉර වැදිලා ටීචර්ට.ඒක තමා මේ

    ReplyDelete
  6. ඇයි මේ කණි කණි කිය කිය අපේ අහිංසක කණියටම මඩ ගහන්නෙ ;-)

    ReplyDelete
  7. අපිට උගන්නපු ගුරවරුත් ඔය කැපවීමම කරන්න ඇතිනේ..
    කෙසේ වෙතත් ගුරු වෘර්තිය තරම් උතුම් දෙයක් තවත් නැති තරම් (විශේෂයෙන් ගැහැණු ළමයින්ට)

    ReplyDelete
  8. හැබැයි ඉතිං මොන එකකට හරි බයෙන් වෙලාවට යන එකනං හොඳයි නේද.

    ReplyDelete
  9. ගුරුවරු කරන කැපවීම් ගැන කියලා වැඩක් නැ,මොකද මගෙ අම්මත් ගුරුවරියක්.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?