මේක ඔන්න මට වෙච්ච දෙයක් නෙවෙයි. මේ දවස් වල එයාගේ මගුල් ගෙදරට ලෑස්ති වෙන යාලුවෙකුට වෙච්ච් කතාවක්. එයාගෙන් අවසර එහෙම අරගෙන තමයි මේ බය නැතුව ලියන්නේ. මේ යාළුවා හිටියේ එයාගේ අය්යලගේ ගෙදර. අය්යා නම් බැඳලා දරුවෙක් එහෙමත් ඉන්නවා. අය්යට ඉන්නේ 7 වසරේ ඉගෙනගන්න පොඩි දුවෙක්.
යාළුවාගේ මගුල් ගෙදර තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසවල. ඒ නිසා දැන් ඉඳන්ම ඒ ගෙදර සාකච්චා පවත්වනවලු තියෙන තැන, ඇඳුම්, සහ ශාලාව සරසන විදිය එහෙම ගැන. යාළුවා කොල්ලෙක්, එක කියල ඉන්න එපයි. කොල්ලගේ පාර්ශවයට නේ ඉතින් ඔය හනිමූන් යන තැන ගැන එහෙම තීරණය කරන්න තියෙන්නේ. අර අස්සේ ඕව ගැනත් කතා වෙනවලු. යාළුවා ඉතින් ඔය පොත් එහෙම අරගෙන එකේ තිබුණු 'chocolate fountain' එකක් ගැන එහෙම හරි උනන්දු වෙන හිටියලු.
කොහොමහරි දවසක් අර පොඩි දුව, යාළුවා ලඟට කිට්ටු වෙලා අහනවලු
"බාප්පේ, ඔය හනිමූන් කියන්නේ රස දෙයක්ද?"
දැන් කොල්ලට කට උත්තර නෑලු. පොඩ්ඩක් හිනා වෙලා මෙයා ඇහුවලු
"ඇයි පුතේ එහෙම අහන්නේ?" කියලා.
" නෑ අපි decorations වලට chocolate fountain එකයි honeymoon එකයි දෙකම තියමු කියල."
හරිම ජුගුප්සාජනකයි.... හික් හික්....
ReplyDeleteමරු කතාව....මගුල් ගෙදර මරුවට තියෙයි....
ReplyDeleteපුතාව හිරේ යවන්න වටිනව කියපු කතාවට.. :-D
ReplyDeleteඒ දුකට බාප්පත් හිරෙ යයි එතකොට.. අද කාලේ පොඩි එවුන් මාරයි නෙව..
හික්ස් එළ කතාව..
මම නම් ටියුබ් ලයිට්. මොනවටද chocolate fountain කියලා කියන්නේ .
ReplyDeleteටිචර් ලා ලගදිම ඉස්කෝලේ පටන් ගන්නවා නේ ? ඒ උනත් චුට්ටක් හරි ලියන්න හොදද ?
මධුරංග ඔන්න මං chocolate fountain එකක පින්තුරයක ලින්ක් එකක් දැම්මා.
ReplyDeleteඅපෝ දැන් ඉන්න පොඩි එවුන් නොදන්න කෙං ගෙඩියක් නෑ. ඕක අහන්න ඇත්තේ සුවර් එකටම බාප්පා honeymoon කියන එක දන්නවද බලන්න වෙන්න ඇති :P
ReplyDeleteහික්ස් :D :D
ReplyDeleteඅප්පේ මම පොඩිකාලේ කොයිතරම් හොඳද ?
ReplyDeleteසීවරං දෙයියනේ මෙහෙම බ්ලොග් ලියන්නියක් දැක්කමයි . ලියනවා ආයේ. මරෝ !! කියල . අද ඉඳන් මමත් සෙට් වෙනවා .. මේ බ්ලොග් එක කියවන්න .
ජය වේවා !!
ලොලේ ලොල්ස් විතවුට් හික්ස්....
ReplyDeleteපට්ට.....
ඕං පේනව නේද දැං හැදෙන පොඩි උන්ගෙ හැටි. මොනව වුණත් පට්ට කතාව... :)
ReplyDeleteහෙහ් හෙහ් හේ.... :D
ReplyDelete[හැබෑවට මොකක්ද හනිමූන් කියන්නේ.... මම දන්නේත් නෑ නේ හිනා වුනාට.... :D]
දැං අර බොලොග් ලිවීමේ තරඟෙ අහවරෙයි?, නැත්නම් නව වසරෙත් දිගටම ගෙනියනවයි?
ReplyDeleteවිලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.
ReplyDeleteඅම්මපා පොඩි එකා ඕක දැනගත්තෙ කොහොමෙයි?
ReplyDeleteදෙකම එකට තිබ්බනම් හරිම ශෝක එකට තියේවි...දිගටම ලියන්න,,මගෙන් සුබ පැතුම්...
ReplyDeleteඒක නෙවේ මොකක්ද අර 'chocolate fountain' කියන්නේ
'chocolate fountain' වචනේ ලින්ක් ඒක දාලා තියෙන්නේ.
ReplyDeleteමොනව උනත් පොඩි එකා දුර දිග කල්පනා කරලා තියනවා.
ReplyDeleteමැක්සා.....ඒක නෙමේ ජනනි link එක වැඩ නෑනේ....
ReplyDeleteහික්ස්! පොඩි එකෙක් නෙවෙයි ඒකා යකෙක්!
ReplyDelete