පහුගිය දවස් වල වැඩ ගොඩක් තිබිල දැන් තමයි පොඩ්ඩක් නිදහස් උනේ. ලියන්න වෙලාවක් තිබ්බෙත් නෑ, ලියන්න කතාවක් මතක් උනෙත් නෑ. කලින් දවසේ පොස්ට් එකක් ලියන දවසක කතාවක් මතක් උනා ඒක ලියන්නයි යන්නේ. මේක අවුරුදු ගණනාවක් පරණ කතාවක්. මට වෙච්ච රසවත්ම සිද්ධි වලින් එකක්. හැබැයි වෙනකොට නම් රසවත් උනේ නෑ. කරපු ලොකුම මෝඩකම කියල තමයි එදා හිතුනේ.
මේ කතාවට සම්බන්ධ මමයි, ලඟදි දවසක මාව කැන්දන් යන්න බලං ඉන්න කුමාරයයි. කුමාරය ගැන මීට කලින් මම කියල තියනවා. අපේ ගණිත පන්තියේ හිටි කොල්ල තමා ඉතින්.
මේ සිද්ධිය උනේ සිංහල අවුරුද්ද කිට්ටු කරලා. දවසක් අම්මයි මමයි අත්තම්මයි ගෙදර අනික් අයයි ගියා අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න. ගියේ ලංකාවේ ප්රසිද්ධ ඇඳුම් කඩේකට. මම ඔතනදි හැමෝම හරියන්නේ නෑ කියද්දි කලිසමක් ගත්තා. අනෙක් අය එපාම කිව්වා ඒක මට මදි කියල. ඒ කඩේ ඇඳලා බලන්න පහසුකම් නෑ. ඉතින් මගේ පණ්ඩිත කමට අරගෙන ආවට මොකද ගෙදර ඇවිල්ල බැලින්නම් කිට්ටු කරන්නවත් බෑ. වස ලැජ්ජාව දැන්. කියන්නවත් විදියක් නෑ කාටවත්.
ඊටපස්සේ කුමාරයට කතා කරලා කිව්වම එය කිව්වා පහුවදා මගේ පන්තියකින් පස්සේ යමු කියල. එදා පන්තිය කලිනුත් ඇරියා. දැන් ඉතින් ජෝඩුව ගිහින් කඩේ ඇවිදලා වෙන කලිසමකුත් අරගෙන කවුන්ටරේට ආවම ඒ මනුස්සයා කියනවා මගේ කලින් ගත්ත කලිසමට වඩා මේ කලිසම ලාබයි, සල්ලි දෙන්න බැරි නිසා ඒ ගානට වෙන මොනවහරි අරන් එන්න කියලා. ඊටපස්සේ ආයේ අපි ඇඳුම් පැත්තට. මෙන්න බොලේ අපේ අම්මත් ඉන්නවා.අපේ අම්මා කුමාරයාව දන්නවා උනාට මේ හුටපට දැනගෙන හිටියේ නෑ. අපි දෙන්න දැන් හොඳටම බය වෙලා. අම්ම දැක්ක විත්තියක් පෙනුනේ නෑ. හැබැයි මට හිතුනේ දැකල අහක බල ගත්තා කියල.
අපි ගන්න ගිය එකත් අතැරලා අයෙම කවුන්ටරේ ගාවට ආවා. ඒ ගොල්ලෝ මොකක්ද එකක් අර ගානට හරියන්න දුන්න අපි ඒකත් අරගෙන එලියට ආවා. දැන් දෙන්නා හොඳටම බය වෙලා. එලියට වෙලා මොනවාද කරන්නේ කියල කල්පනා කරනවා. මට හිතුනෙම අම්මා දැක්ක කියල. ඊටපස්සේ කුමාරයා කිව්වා අපි අම්මට ගිහින් කතා කරමු. දැන් මමත් ඉන්නවනේ ගෙදර ගියොත් ඔයාට තනියම මූණ දෙන්න වෙනවනේ කියල.
ඔහොම හිතල අපි කඩේ ඉස්සරහ දොර පැත්තට යනකොට අම්මා ඉන්නවා. මාත් කුමාරයට වැහිලා හිටියා. අම්මා එයාව දැක්ක විතරයි "පුතා කොහොමද? මෙහෙ මොකද කරන්නේ" කියල හොඳට සුහදව කතා කරනවා.
බලනකොට අම්මා අපිව දැකලා නෑ. අම්මා රත් උනේ එහා පැත්තේ මම ඉන්නවා දැකල. ඊටපස්සේ ඉතින් හොඳට අහගත්තා. දෙන්නම බැනුම් අහලා, කොහොමහරි ටික දවසකින් අම්ම කැමති උනා. තාත්තා කැමති වෙන්න නම් කාලාන්තරයක් ගියා.
ඔන්න ඔහොම තමයි අපි අම්මට බලෙන් අහු වුනේ. ......:)

තවත් කුමරයෙක් හිරේ ගිය වගයි... :-D
ReplyDeleteඅනේ වාසනාවන් වැඩියෙන් බැනුම් ඇහුවනම් තමා හොඳ :-D
ReplyDeleteපව් අසරන කුමාරයා !!!! ගනිත පංති ඇවිත් හිරේ වැටිලා. සිරකරු අයියා ඔන්න තව එක්කෙනෙක් එනවෝ.... හොදින් බලාකියා ගන්න.
ReplyDeleteනියම කතාව. චූටි ටිචර් රුත් බලෙන් නේ අහුවෙලා තියෙන්නේ
hiks! nice story
ReplyDeleteහික් හික් හික් අෆරාදෙ අම්ම බැණලා නැවැත්තුවේ. කුඩේකින් එහෙම දෙකක් වැදුනනම් ඔය අතරට කෝමද සන්තෝසේ.......... කියලා නිමකරන්න බැනේ හහ් හහ් හහ් :)
ReplyDeleteහෆොයි,ඔය යස අගේට ඉල්ලං කාලා තියෙන්නේ!
ReplyDeleteහප්පේ අරා අමාරුවෙ වැටුනෙ ගණන් පංතියෙදිද?
ReplyDeleteඉල්ලන් කනව කියන්නෙ ඕවට තමා LOL
හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල තියෙන්නෙ.
ReplyDeleteකොහොම උනත් එල කුමාරයක්, තමන්ගෙ බෙල්ල ගහල ගියත් කුමාරි වෙනුවෙන් ඉස්සරහට පැන්න නෙව.
ඔය කඩේ බම්බල පිටියෙ තියෙන "මෝස්තර ගෙදර" වෙන්න ඕන. මොකද ඕක විතරයි මං දන්න තරමින් ෆිටෝන් රූම් එකක් නැති ලොකු ඇඳුම් කඩේකට කොළඹ පලාතටම තියෙන්නෙ. ඔතන ඇඳුම් ගන්න කට්ටිය ගොඩක් කරන්නෙ ඇඳන් ඉන්න ඇඳුමට උඩින් ගන්න එක දෙනෝදාහක් මැද්දෙ ඇඳල බලන එක. ආපහු ගලවනකොට සමාහර වෙලාවට ගෙදරින් ඇඳන් ආපුඑකත් එක්කයි ගලවන්නෙ. ඕක හන්දම මම නං චූටි මැණිකෙ එක්ක ගියොත් පැත්තක තියෙන පුටුවක වාඩිවෙලා ඉන්නව මිසක් යන්නෙ නෑ ඕක අස්සෙ.
හද් දෙවියනෙ වෙච්ච අපරදයක්........
ReplyDeleteමොනවා උනත් එහෙන් මෙහෙන් හරි ගියනේ ජය
my blog -www.pinthura.info
Asking and eating කියන්නෙ ඕවට තමා
ReplyDeleteoyin giya madaaa....amma ethendi gutiyak dunnam kohomada?......
ReplyDeleteඅහෝ ඛේදයකි තවත් කොල්ලෙක් හිරකාරෙක් වෙලා..
ReplyDeleteනවම්මාවත යන්නේ නැතුව වාඩි වෙලා ඒව දිහා බලාගෙන ඉන්නව ඇති.. :D