මේ කතාවත් අපේ මල්ලි පොඩි එකා කාලේ වෙච්ච එකක්. එතකොට එයා එකේ හරි දෙකේ හරි. අපි ඔක්කොමල එතකොට හිටියේ තංගල්ලේ. අපේ තාත්තාගේ රස්සාව නිසා අපි රටවටේ ඉස්කෝල බර ගානකට ගිහින් තියෙනවා. ඔය තංගල්ලේ ඉස්කෝලේ මගේ දෙවෙනි ඉස්කෝලේ. මල්ලිගේ පලවෙනි ඉස්කෝලේ. මල්ලියි මමයි දෙන්නම හිටියේ එකම ඉස්කෝලේ. අම්මත් ඉගැන්නුවේ ඒ ඉස්කොලෙමයි.
මේ කතාව මල්ලි ඉස්කෝලෙදි ලියපු රචනාවක් ගැන. එයා ලියන රචනා හරි ෂෝක්. මං මේ කියන්න යන කතාවේ එයට ලියන්න තිබිල තියෙන්නේ 'මගේ ප්‍රියතම වාහනය' ගැන. මෙන්න මෙහෙමයි එයා ලියල තියෙන්නේ.
මගේ ප්‍රියතම වාහනය ජීප් රථයයි.
අපේ ගෙදරත් එකක් තිබේ.
මම නිතරම ගමන යන්නට කැමති ඒ වාහනයෙනි.
ඒ උනාට අපේ තාත්තා එය ආණ්ඩුවේ වාහනයක් නිසා ඒකෙන් යන්නට කැමති නැත.
තාත්තා නිතරම හදන්නේ අපේ කාර් ඒකෙන යන්නටයි.
එහෙත් අම්මා කියන්නේ 'ඔන්න ඔහේ ඕකෙම යමු' කියාය.
ඔන්න ඔහොම මල්ලි රචනාව ලියල පන්තිභාර ගුරුතුමියට පෙන්නුවලු. එයින් පස්සේ මාස ගාණක් යනකම් අපේ අම්මට ගුරු මණ්ඩලය සවුත්තුව දැම්මලු. මොනවා උනත් මල්ලි ලියපු කතා නම් ඇත්ත. :)
හිහ්හී...
ReplyDeleteමලයා තමා දවසකටවත් මිනිහා!
:)
ReplyDeleteහෑ.......... ඔයා තංගල්ලේ කොහේ ද හිටියේ.. (මට හිතෙන්නේ 1993 -1994 විතර වගේ ද..)
ReplyDelete1993-1995 කාලේ තමයි මං හිටියේ. ආදර්ශ ප්‍රාථමික විද්‍යාලේ ඉගෙන ගත්තේ...
ReplyDeleteමම ඒ කාලේ ප්‍රයිමරියේ හිටියේ.... :)
ReplyDeleteආහ්! අපි ඒ කාලේ ප්රයිමරියත් එක්ක තරහයි. අර ජේ.වී.පී. එකේ මන්ත්‍රී එක්කෙනෙක්ගේ පුතෙකුත් හිටිය නේ ඒ ඉස්කෝලේ?
ReplyDeleteහපෝයි ඒ කාලේ මම ජේ.වී.පී. එක ගැන දන්නේවත් නෑ... (දැන් දන්නෙත් නෑ...) හිහ්.. ඒ නිසා ද තරහා...
ReplyDelete(මට චැට් රික්වෙස්ට් එකක් දාන්න අව්ලක් නැත්නම් zoro.creation@gmail.com)
ජේ.වී.පී. නිසා නෙවෙයි ඒ මනුස්සය නිසා අපිට හම්බෙච්ච හැම ලමයම හරි ඔලුවෙන් හිටියේ. :)
ReplyDeleteහිහ්.... මමත් එහෙම හිටිය ද දන්නෑ නේ...........:D
ReplyDeleteමල්ලිව නම් අදහන්න වටින කොල්ලෙක් !!!! මල්ලි ගැනත් තව රස කතා ඇති නේ ? ඒවත් හිමිහිට බ්ලොග් එකේ දාන්න
ReplyDeleteහික්ස්..සිරා!!
ReplyDeleteඑළ කොල්ලෙක්!
ReplyDeleteඅපේ අයියත් ඔහොම අපූරු රචනාවක් ලියලා තියෙනවා අපේ පවුල කියන මාතෘකාවට ,දැන් අපේ අම්ම එයාගේ දුවට ඕක කියන කොට මිනිහට පොළොව හාරගෙන යන්න හිතෙනවා ඇති..
ReplyDeleteමම හිතන්නේ මම මේ පැත්තේ ආව මුල්ම වතාව....
හක හක හක
ReplyDeleteහැමෝටම ස්තුතියි!
ReplyDeleteඅක්කිගේ මලයා තවම ඔහොමද
ReplyDelete