Thursday 23 December 2010

"~~tool kit ඒක ~~"

මේ කතාව අර කලින් කියපු ෆොටෝ කොපි සිද්දියට පස්සේ වුනු එකක්. මං කිව්වනේ ඉතින් අපේ සංගීත කාමරය ගිනි ගත්තා කියල. ගිනි ගැනීමට හේතුව විදියට හොයා ගත්තේ විදුලි කාන්දුවක්. මීට කලින් දවසකත්, පාසලේ කාර්යාලය ගුරු දෙගුරු හමුවක් වෙලාවේ ගිනි අරගෙන තිබ්බා. හැබැයි ඒක නම් ලොකු ගින්නක් නෙවෙයි. පොඩි එකක්. හැබැයි එකටත් හේතුව විදුලි කාන්දුවක්. මේ පාර ලොකු ගින්නක් නිසා, විදුලි කාර්මිකයෙක් ඇවිත් මුළු ගොඩනැගිල්ලම පරීක්ෂා කරන්න පටන් ගත්තා. සමහර ස්විච් එහෙම අපිට අල්ලන්න එපා කියල තිබුනේ විදුලි කාන්දු නිසා. ඒත් ඉතින් පොඩි දරුවන්ට ඕව තේරෙන්නේ නැති නිසා අපි හැමවෙලේම හිටියේ හරි බයෙන්. හැබැයි ඉතින් ඒ අපි විතරයි. පාලකයින්ට ඒ ගැන ගානක්වත් තිබුනේ නෑ.

මේ නඩත්තු කටයුතු නිසා පාසලේ දින ගණනක්ම සමහර පන්ති කාමරවලට විදුලිය, අන්තර් ජාල පහසුකම්, දුරකථන පවා වැඩ කරේ නෑ. ඔය අපහසුකම් මැද්දේ වැඩ කරනකොට අපේ සහෝදර ගුරුවරියක් තමයි මේ කතාව කිව්වේ. ඇය කිවූ ආකාරයට මෙය පත්වීම් ලිපිය සමග අමුණා ඩිය යුතුව ඇත.

මේ විද්‍යාලයේ සේවය කරන ගුරු මහත්ම මහත්මීන්ට අනිවාර්යයෙන්ම tool kit එකක් තිබිය යුතුයි. එහි තිබිය යුතු දෑ මෙසේයි.

1. ටෙස්ටරයක්
2. ටෝර්ච් එකක්
3. පහසුවෙන් තැන තැන ගෙන යා හැකි කුඩා විදුලි පංකාවක්
4.ජීවිත රක්ෂණාවරණයක්

ඔබට ජීවිත රක්ෂණයක් නොමැති නම් ඉක්මනින් එය ලබා ගත යුතුය.

ප.ලි.: පාසැල් වෙලාවේදී විදුලි සර වැදීමකින් මියයන ගුරු මහතුන්ට පාසැල මගින් අදහන කටයුතු නොමිලේ කරදීම පවුලේ සාමාජිකයින්ට ලැබෙන විශාල සහනයකි.

4 comments:

  1. ජනප්‍රින පෞද්ගලික පාසලක් නිසා කමක් නෑ...
    ගමේ තියේන රජයේ පාසලක් වුනා නම් උද්ගෝෂණ කෝටියයි..

    හිහ්...

    ReplyDelete
  2. අපොයි ඔව් සෝරෝ.... කියයි ගුරුවරු ළමයින් ට කරන්ට් වද්දන්න හදනවා කියලා. මේවා අපිට නම් තනිකර අත්දැකීම්. හොද වෙලාවට අපේ ඉස්කෝලේ ගොඩක් පන්තිවලට කරන්ට් එක නෑ

    ReplyDelete
  3. මෙහෙමත් ඉස්කෝල තියෙනවා කියන එකත් පුදුමයි !!!! දැන් එතකොට ඔය විදුලි කාන්දුව හැදුවද ?

    ReplyDelete
  4. @සොරෝ: සහතික ඇත්ත!
    @සංජු: 100% එකඟයි! මේවායේ සල්ලිවලට ගොඩක් දේවල් කරන්න පුළුවන්.
    @මධුරංග: ඔව ඒක ඒ දවස් වලම හැදුව මට මතක හැටියට.

    ReplyDelete

දැනගන්න ආසයි මමත් ඔබ හිතන දේ...ඉතින් නරකද කොමෙන්ටුවක් දැම්මොත්?