Sunday, 27 February 2011

බ්ලොග් අවකාශයේ හිත් රිදවුම...

මම සිංහල බ්ලොග් ලෝකයට අගන්තුකයෙක්මි. මම බ්ලොග් ලියන්නට පටන් ගෙන තවම ගත වී ඇත්තේ තෙමෙසක්‌ පමණි. ඒ තෙමසට මම බොහෝ දෙනා දැන හදුනා ගත්තෙමි. එහෙත්, සමහරුන්ව නිසි පරිදි හදුනා ගන්නට නොහැකි විනි. එසේ වුයේ නම් අද මෙය ලිය නොවන්නට ඉඩ තිබුණි. කෙසේ වුවත් විය යුතු සියල්ල සිදු වුනි. මූණු පොතේ බ්ලොග් මිතුරෝහිදී, කලක අඹ යහළුවකු මෙන් පෙනී සිට පසුව හදිසියේ තරහා වූ කෙනෙක් කල කී දෙයකින් සිදුවූ සිදුවීමකින් සිත රිදී මා මගේ බ්ලොගය වසා දමා නැවතත් කිසි දිනෙක සිංහලෙන බ්ලොග් නොලියන්නට තීරණය කලෙමි. මගේ ලිපි කියැවූ, අදහස් දැක්වූ සැමට තුති. මින් ඉදිරියට මා සිංහල බ්ලොග්කාරියක නොවෙමි. ඒ තීරණයට මම දහස් වර සතුටු වෙමි.

ආයුබෝවන්!!!

Wednesday, 16 February 2011

ආදරයක තරම...

කුණාටුවකින් තම මව අහිමිවූ සුදු කොටි පැටවුන්ට අම්මා කෙනෙක්.... 





 

 

 

 


 

 

 

Sunday, 13 February 2011

ඔබේ අදහස් ඕනෑ කර තිබේ......

මෙය මා ලියන පුවත්පත් ලිපියක් වෙනුවෙනි...

ගැහැණු ළමයෙක් සහ පිරිමි ළමයෙක් ආදර සම්බන්ධතාවයක් පටන්ගත් පසු, බොහෝ විට ගැහැණු ළමයා ගේ මුළු ලෝකයම පිරිමි ළමයා වේ. ඇය තම මිතුරන් සමග ගත කරන කාලයද අඩු වෙයි. ලැබෙන සෑම නිදහස් වෙලාවක්ම තම පෙම්වතා සමග ගත කිරීමට උත්සාහ කරයි.

එහෙත්, පිරිමි ළමයා තම මිතුරන් සමග රිසි සේ කාලය ගත කරයි. සම්බන්ධතාවය ඇරඹු පසුවත් ඔහු වෙනසක් නොමැතිව  මිතුරන් ඇසුරු කරයි.

කෙදිනක හෝ, එම සබඳතාවය බිදුණු පසු ගැහැණු ළමයා කිසිදු මිතුරියක නැතිව තනිවෙයි. පිරිමි ළමයාට එතරම් බලපෑමක් ඇති නොවේ.


මේ පිළිබඳව ඔබ සිතන්නේ කුමක්ද? මෙම සිද්ධිය සත්‍යද? එසේ වන්නේ ඇයි?  ඔබේ අදහස් පළ කිරීමේදී සම්පුර්ණ නම, ඔබ කරන රැකියාව හෝ අධ්‍යාපනය ලබන ස්ථානය, දළ වශයෙන් වයස සඳහන් කරන්න. 

Friday, 11 February 2011

මඩයා...



මඩයා ඒ කියන්නේ අද කතාවේ කතා නායකයා කවුද කියල අපේ බස් පදින ජනතාවට නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මඩයා හරි මඩ අය්යා හරි කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. මේ හාදය බ්ලොග් ලෝකේ බොහොම ප්‍රසිද්ධ චරිතයක්. අවුලකට තියෙන්නේ මෙයාගේ යාලුවොන්ට හරිම වැඩ තමයි වෙන්නේ. මෙයාට නම් කිසිම අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙලා නෑ. ලිව්වොත් ලියන්නේ යාලුවෙකුට වෙච්ච සිද්ධියක්. එයා කියන විදියට නම් රහමෙර පානය නවත්තතන්නත් බැරි වෙලා තියෙන්නේ අපිට කියවන්න බ්ලොග් එකේ කතා ලියන්න කතා හොයාගන්න ඒ වගේ සෙට් වීම අත්‍යාවශ්‍ය නිසා.

ඉතින් කොහොමහරි මේ චරිතෙට අද පුදුම වැඩක් වෙලා. ලොකු දෙයක් නෙමෙයි ඉතින්. කවදාවත් කිසි දෙයක් වෙන්න නැති කෙනෙකුට ඉතින් පොඩි දෙයක් උනත් ඉතින් මදෑ. කොහොමහරි මේ පුද්ගලයා වෙච්ච සිද්ධිය කියලා ගූගල් බස් එකක් දැම්මම කට්ටිය like කරලත් තිබුනා.

දැන් ඉතින් අනං මනං කිව්වා ඇති. වෙච්ච දේ කියන්නම්කො. උදේ පාන්දර  නැගිටලා කාමරේ දොර අරින්න හදනකොට ලොක් එක කැඩිලා මඩ අයියා කාමරේ හිර වෙලා. උදව්වට යාලුවෙකුට කතා කරාම එය එන්නම් කියලා තියෙන්නේ 9 ට. මට ආරංචිය එනකොටත් 8 ට කිට්ටු කරලා මට මතක විදියට. අන්තිමට අපේ කතා නායකයා T.V . Series බල බල අමාරුවෙන් කාලේ ගෙවා ගත්තලු. පවු නේද? :)

Thursday, 10 February 2011

තනිය...

තනිය සැපයි
එක්වී විදින දුකට වඩා...
අසන්නට කෙනෙක් නැත...
බලන්නට කෙනෙක් නැත...
අද මා පමණි...
ම ලෝකය කරකවමි
රිසි පරිදි...
යකා කළු නැත
සිතු තරම්....

Wednesday, 9 February 2011

වෙන්වීම...

ගිනි ගෙන දැවී
හද මැදුර.....
දවා හළුවී ගිය කල
මහා වැස්සක් විත්
සෝදා හළේය
අන්තිම අළු ටික...
අවසානයේ....
මම තනිවීමි.......

Monday, 7 February 2011

ගාන අඩු කිරීම...

මේ සිදධිය උනේ මමයි අත්තම්මයි හාඩ්වෙයාර් ෂොප් එකකට ගිය වෙලාවක. අපි ගියේ යකඩ දැල් රෝලක් අරන් එන්න. මම නම් ඒ කඩේට ගිය පලවෙනි වතාව. අත්තම්මගේ කතාවෙන් නම් තේරුනා සැහෙන කලෙක ඉඳං ඒ කඩේ අය අඳුරනවා කියල.

අපි ඉතින් ගිහිල්ල එක එක ජාතියේ දැල් බලල අන්තිමට එක වර්ගයක් ගන්නවා කියල තීරනය කරා. ඊටපස්සේ අත්තම්ම කඩේ හිටපු මුදලාලි ගෙන් ඇහුවා "පුතේ, මේකේ ගාන කීයද?" කියල. මුදලාලි කිව්වා "අඩියක් 120 යි" කියල.

ඊටපස්සේ අපේ අත්තම්මා කියනවා "අඩු කරලා දෙන්න, තාත්තා හිටියා නම් හොඳටම අඩු කරලා දෙනවා" කියලා.

ඊටපස්සේ මුදලාලි කිව්වා "එහෙනම් 100 ගානේ දෙන්නම්" කියලා. අත්තම්මත් ඉතින් අඩි 10 ක් දැල් දෙන්න කිව්වා.

පස්සේ මං ලඟට ඇවිත් හීං සැරේ කියනවා "මෙයාගේ තාත්තා හිටිය නං සතයක්වත් අඩු කරන්නේ නෑ. මිනිහා කුණු ලෝබයා" කියල.

මම හිනාව තද කරගත්තේ බොහොම අමාරුවෙන්.