මේකත් ඉතින් මං කරපු වික්‍රමයක් තමයි. මේක මං ගිය මොන්ටිසොරියේදී වෙච්ච කතාවක්. මාව අනෙක් ළමයින්ට වඩා අවුරුද්දක් කලින් මොන්ටිසෝරි දැම්මා තාත්තාට මාව තනියම බල ගන්න බෑ කියල. එතකොට මොකක්හරි හේතුවක් හින්ද අම්මා කොළඹ ඇවිත් හිටියේ මල්ලිත් එක්ක. මමයි තාත්තයි බණ්ඩාරවෙල හිටියේ. එහෙම ඉඳලත් මොන්ටිසෝරි යන්න බෑ කියල සෙල්ලම් දාපු නිසා වැඩි දවසක් යන්න කලින් මාව එහෙං අස් කරගෙන ඇවිත් කොළඹ මොන්ටිසොරියකට දැම්ම. මං ඉතින් මොන්ටිසෝරි දෙකකට ගිහින් තියෙනවා.
ඉතින් ඔය බණ්ඩාරවෙල මොන්ටිසෝරියේ ඉන්නකොට ළමයි එකතු උනාම විස්තර අහනව ගෙදර විස්තර එහෙම. පොඩි කියල වෙනසක් නෑ. මගෙනුත් ඔහොම ප්‍රශ්න ගොඩක් අහල අන්තිමට අහන්නේ ගෙදර කොහෙද කියලා. ඒ දවස් වල නමකින් තැනක් කියන්න දන්නේ නෑනේ. මං ඉතින් කියන්නේ මෙතනින් පාර දිගේ ගිහිල්ලා මේ කන්ද නැගල ඊළඟ කන්ද බැහැලා එතනින් එන පාරෙන් හැරිලා යන්න තියෙන්නේ කියල. ඕක ඉතින් හැමෝටම කියන්න ගියාම වාතයක් වෙනවානේ. ටික දවසක් යනකොට මට ඒක කියන එක එපා උනා.
ඔන්න ඔහොම ඉන්නකොට දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා "කොහෙද ඔයාලගේ ගෙදර තියෙන්නේ " කියල. මං ටක් ගාලා අත දිගෑරල "අර තියෙන්නේ අපේ ගෙදර කියල" මොන්ටිසොරිය ඉස්සරහ තිබ්බ ගෙදරක් පෙන්නුවා.
ඊටපස්සේ දවසක අම්ම ගෙදර ආවම මං අම්මට ' අම්මේ අර ළමය ඇහුවා නේ අපේ ගෙදර කොහෙද කියලා , මං පෙන්නුවා ඉස්සරහ ගෙදර කියල" කියල කිව්වා. අම්ම අර කියපු ලමයව දන්නවා, එයාගේ අම්මයි තාත්තයි අපේ අම්මගේ යාලුවෝ.
අම්මා මගේ කතාව අහගෙන ඉඳල ඒක පාරටම කිව්වේ "ඔයා පෙන්නලා තියෙන්නේ ඒ ළමයාගේම ගෙදර නේ."
එදයින් පස්සේ කවුරුහරි ගෙදර තියෙන තැන ඇහුවම මං කිව්වේ "ඒක තියෙන්නේ ගොඩාක් දුර කියල " විතරයි.
Showing posts with label මම. Show all posts
Showing posts with label මම. Show all posts
Friday, 7 January 2011
Thursday, 6 January 2011
අපිට තේ දෙන්න!
දැන් වගේ නෙවෙයි ඉස්සර පොඩි කාලේ මගේ වැඩේ කියවන එකලු. තනියම ඉන්නකොටත් කතා කර කරලු ඉන්නේ. දැන් නම් එච්චර කතා කරන්නේ නෑ. ලියන එක තමා වැඩිපුර කරන්නේ. පොඩි මගේ කතා හින්ද අපේ අම්මටයි තාත්තාටයි වෙච්ච ඇබැද්දි ටිකක් තමයි මේ.
කතාව 1:
අම්මයි තාත්තයි දවසක් මාත් එක්ක කොහෙද ගමනක් යන කොට, තේ බොන්න කියල නැවත්තුවලු. තේ බොන්න කලින් මොනවහරි කන්නත් ගන්නවනේ. ඉතින් තාත්තා මගෙන් ඇහුවලු "මොනවාද පුතේ ඕනේ?" කියල. මං ගත්තු කටටම හයියෙන් කෑගහල කිව්වලු "තාත්තේ මට අර උඩ තියෙන fan එක ඕනේ" කියල. කඩේ හිටිය හැමෝම හිනාවෙන්න ගත්තලු. අම්මයි තාත්තයි වැඩි වයසකත් නෙමෙයි ඉඳල තියෙන්නේ. ලැජ්ජාවේ පන ගියාලු. කොහොමහරි හරි අමරුවෙන්ලු ශේප් කරගෙන එලියට අරන් ඇවිත් තියෙන්නේ.
කතාව 2.
මේකත් ඉතින් මගේ කට ගැන තමා. අම්මයි තාත්තයි දවසක් මාව එක්කරගෙන තාත්තගේ යාලුවෙක්ගෙ ගෙදර ගියාලු. යනකොට බිස්කට් එහෙම අරගෙන යනවනේ. ඉතින් ඔහොම අරගෙන ගිහින් තාත්තයි අම්මයි අර ගෙදර කට්ටියත් එක්ක බර කතාවක් ලු. ටික වෙලාවක් මං ඕක දිහා බලාගෙන ඉඳල කිව්වලු "අර බිස්කට් එක කඩල අපිට දීලා බොන්න මොනවහරි එහෙම ගෙන්න" කිව්වලු. අම්මටයි තාත්තටයි පොලොව පලාගෙන යන්න හිතුනලු. ඊටපස්සේ කොහොමහරි මාව එලියට එක්කරගෙන යන එක සැහෙන්න අඩු කරාලු.
Subscribe to:
Posts (Atom)