මට පාඩම් කියල දුන්නේ තනියම. තරමක් ලජ්ජාශීලී මට එක ලොකු සැනසීමක් උන. කොහොමහරි ඒ අමතර ඉගැන්වීමේ ප්‍රතිපලයක් විදියට ඒ පාර අපේ පන්තියේ අන්තිම වාර විභාගේ සමාජ අධ්‍යනයට වැඩිම ලකුණු තිබුනෙත් මට. අපේ අම්මට හරි සතුටුයි. සති දෙකකට සැරයක් ගිය සමාජ අධ්‍යනය පන්තියට මට දවසක් ඇර දවසක් යන්න උනා. ඉස්කෝලෙත් නිවාඩු නිසා කිසි බාධාවක් තිබුනෙත් නෑ.
ඔහොම දවසක් යන අතරේ, එක දවසක් මිස්ගේ ගෙදර ගියාම, මට වාඩි වෙන්න එහෙම කියල, වැඩකුත් දීලා එහෙට මෙහෙට යන අතරතුරේ, අද අර කොල්ලෝ ටිකත් එනව කිව්වනේ, කියල මට ඇහෙන නෑහෙන ගානට කිව්වා. ඔය වෙනකොට මං දැනගෙන හිටිය අම්මගේ ඉස්කෝලේ තව මිස් කෙනෙක්ගේ පුතෙකුටයි එයාගේ යාලුවන්ටයි ත් මේ මිස් උගන්වනවා කියල. මට මිස් කියපු කතාවත් අහල ටිකක් බයත් හිතුන. ඊටපස්සේ මං හිත හදාගත්ත නෑ එහෙනම් මට වැරදිලා ඇහෙන්න ඇති, මං ඉන්නකොට වෙන කාටවත් එන්න කියන්නේ නෑ කියලා. ඔහොම වැඩ කර කර පැයක් විතර යනකොට, මට ඇහුන වෑන් එකක් මිදුලේ නවත්තනවා, ඒත් එක්කම අලි පෙරලෙනව වගේ මහා සද්දෙකුත් ඇහුන. මිස් ටක් ගාල ගිහින් දොර ඇරිය.
මට ඇහෙනවා කොල්ලෝ කීප දෙනෙක්ගේම කට හඬ..මටම දැනුන මට දාඩියත් දාලා මගේ මූණත් රතුවෙලා කියල.
මිස් ඉතින් ඒ අයත් එක්ක ආගිය තොරතුරු එහෙම කතා කරලා "ඔන්න එහෙනන් වාඩිවෙන්නකෝ, යාලුවෙකුත් ඉන්නවා" කිව්වා. මට ඒ වෙලේ පුළුවන් උනා නම් මේසේ යටට රිංගනවා. මං පොත දිහාම බලාගෙන ඉන්න අතරේ, යන්තම් වගේ දැනුන මේ අය වාඩිවෙන තැනටත් රණ්ඩු වෙනවා. ලැජ්ජාවට කරගන්න දෙකුත් නෑ. මං බිම බලාගෙන හිතින් ප්‍රර්ථනා කරා ඉක්මනට තාත්තා ඇවිත් මාව එක්කරගෙන යන්න කියල.
කතාවේ ඉතුරු ටික පස්සේ ලියන්නම්...
ඉල්මන්ට ඉතුරු ටික ලියන්න
ReplyDeleteආපු කොල්ලෝ සැට් එකෙන් එකෙක් නං හිතාගන්න පුළුවන්... හික් හික්...
ReplyDeleteඅය්යෝ! බළලා පනිනවානේ මල්ලෙන් එලියට. හැබැයි ඉතින් එතකොට ඒ කොල්ලව අඳුරන්නේ නෑ. මේ තමයි එයාව දැක්ක පලවෙනි වතාව. :)
ReplyDelete