Tuesday, 6 December 2011
Monday, 6 June 2011
Thursday, 14 April 2011
මේ ඔබ කියවන්නේ සිහින උළෙලේ මඩ ප්‍රචාරයයි
අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියල හරි මට ඉවර කරන්න රාජකාරියක් තියේ. අපේ ඉතින් තිබ්බනේ අර සිහින බක් මහා උළෙල. හැමෝම ගිහින් ඇවිත් ඒක ගැන ලිව්වට මම ලිව්වේ නැනේ. ලිව්වේ නැත්තේ ඉතින් හරි වෙලාව එනකන් හිටිය නිසා තමයි ඉතින්. අවුරුදු උළෙල නම් සුපිරියි. ඒක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ. අපේ සහෝදර සහෝදරියෝ පහු ගිය කාලේ ඒක ගැන ඇතිවෙන්න ලිව්වා.
මම මේ ලියන්න යන්නේ උළෙල වර්ණවත් කරපු ඒක ඒක චරිත ගැන...
ඉස්සෙල්ලම ලියන්නේ අපේ අභීත අය්ය ගැන. මුලින්ම හීනේ දැක්කෙත් එයා නේ. 'ඔක්කොම හරි මල්ලි හරි හරි' කියල හැමදේම හොයල බැලුවත් එයා තමයි. (ඔන්න දැන් අනෙක් අය ඔරවන්න එපා මට, එයා විතරක් නෙවෙයි හැමෝම වැඩ කරා). ගෙදරින් කට පාඩම් කරගෙන ආපු පිළිගැනීමේ කතාවත් අයිය හොඳටම කිව්වා.
අවුරුදු උත්සවේ දවසෙත් දුවල පැනල වැඩ හොයා බැලුවා. කඹ අදින්න ගිහින් සද්දන්තයෝ පැත්තේ ඉඳගෙන එයාලව පැරද්දුව කියල තමයි ආරංචිය. දැන් කට කතාව යන්නේ අභීත අය්යා කොයි පැත්තේ හිටියත් පරදිනවා කියලා තමයි.
මේ තියෙන්නේ අපේ අය්යාගේ වැඩ....
ඔන්න ඉතින් ඊළඟට කියන්න යන්නේ අපේ මාරයා ගැන තමා...
උළෙලේ හිටපු ප්‍රසිද්ධම චරිතේ තමා අපේ මාරයා තුමා. අපරාදේ තරග සේරම දිනලා තෑගි අරන් යන්න ඇවිත් තිබ්බේ. ඒත් අයියට ලොකු අසාධාරණයක් වෙලා ඒ ආසාව ඉෂ්ට කරගන්න කට්ටිය ඉඩ දුන්නේ නෑ. අය්යම හරි හිත් වේදනාවෙන් ඒක ගැන ලියල තිබ්බා.
අයියා බනිස් කන්න ගියා..අන්තිමට අය්යට ඒක තරගයක් බව අමතක වෙලා හිතේ හැටියට බනිස් කකා ඉන්නකොට, දිනපු එක්කෙනා තෑග්ග අරගෙනත් ඉවරයි. මේ තියෙන්නේ ඒ පින්තුරේ...
අයියා තොප්පි තරගෙටත් ගියා. සුදු හංසි තමයි මාරයාට තොප්පිය දැම්මේ, එකෙනුත් ඉතින් වැඩේ හරි ගියේ නෑ.
මාරේ අයියා දුවන්නත් ගියා. ඒ උනාට කවුද එකෙක් මාරයියට කියල "මේ තරගේ වෙනස් මේකේ ඉස්සරහට නෙමෙයි පිටිපස්සට" කියල. අනික් අය ඉස්සරහට දුවන කොට අපේ මාරයිය පිටිපස්සට දිව්වා. ඒ උනාට තරගේ නීති රීති වල හැටියට ඉස්සරහට ඉස්සෙල්ලම යන එක්කෙනලු දිනුම්. නැත්නම් මාරයියා තමා එක.
සිහින අවුරුදු කුමරිය ගැන කියනකොට අපේ අනුරාධ මල්ලි ගැන නම් නොකියම බෑ. හරිම කැපවීමෙන් තමයි මල්ලි ඒක සංවිධානය කරේ. රට්ටු එක එක කතා කිව්වා. මල්ලි සැලුනේ නෑ. මල්ලිත් නළුවා වගේ එදා ඇවිල්ලා photo shoot එකකට වගේ ෆොටෝ ගත්තා කියල තමයි කට්ටිය කියන්නේ. මෙන්න බලන්නකෝ මේ පින්තුරේ.
ඊළඟට කියන්න යන්නේ අපේ තවත් ප්‍රධාන සංවිධායකයෙක් වෙන වැපා ගැන.වැපා තමා ඉතින් වැඩි හරියක් ගේට්ටුවේ හිටියේ කොච්චර හොඳට එතන රාජකාරිය කරාද කියනවනම් එයා ප්‍රධාන ආරාධිත අමුත්තෙකුටත් ටිකට් එකක් දෙන්න හදල.
මේ ඔක්කොම කතා අස්සේ අපේ කණියා මල්ලි ගැන නොකියම බෑනේ. එයත් ඉතින් දුරු කතර ගෙවාගෙන් අවුරුදු උත්සවේට ඇවිත් හිටියට මේ කොල්ලෝ ටික මල්ලිත් එක්ක කතා කොරල නැනේ. පවු අප්පා.
මේ බලන්න කොලුවා බලන් ඉන්න හැටි..
පස්සේ ඉතින් අරගලේ බේරලා දැන් මල්ලි සතුටින් ඉන්නවා.
ඔක්කොම කියල මංතුමී ගැන නොකිව්වොත් හරි නැනේ. මමත් ගියා යෝගට් කවන්න. එකේ වෙච්ච හරිය නම් කට්ටිය දන්නවා ඇතිනේ. කොල්ල යෝගට් කෑව, මම පස් කෑවා..
දැන් ඉතින් ඔය මඩ පාරක් වැදිච්ච කට්ටිය මාත් එක්ක ඔරොප්පු වෙන්න ඕනේ නැ. මේ ලබන්නාවූ අවුරුද්දට තරහ මරහ තියාගෙන යන එක හොඳ නැනේ.
ෆොටෝ ටික ගත්තේ එදා ඇවිත් හිටිය අපේ කැමරා අයියල මල්ලිලාගෙන් ඒ අයටත් බොහොම ස්තුතියි...
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Wednesday, 13 April 2011
අවුරුද්ද...
පරණ අවුරුද්දක් ගෙවිලා ගිහින් අළුත් අවුරුද්දක් ලබන්න ඔන්න මෙන්න..ඒ අස්සේ මමත් සමරනවා මගේ 26 වෙනි උපන්දිනේ. උපන් දිනේ උනාට වෙනාද තරම් සන්තෝසයක් නෑ හිතේ. වයසට යන එක ඉතින් සතුටට පත වෙන කාරණයක් නෙවීනේ..ඒකට වඩා හිතේ දුක, අම්මල එක්ක සමරන අන්තිම අවුරුද්ද නිසා. කවුරුත් ඒක ගැන කතා නොකලට මම දන්නවා ඒක හැමෝම හිතේ කොනක තියාගෙන ඉන්නවා කියල.
අවුරුදු 26 ක තිස්සේ අම්මලත් එක්කම හැදිලා, දැන් ගෙදරින් යන දවස ලං වෙනකොට ඇති වෙන දුක නම් දරාගන්න අමාරුයි. කොච්චර රණ්ඩු කරත්, මුරණ්ඩු වැඩ කරත් ගෙදරට තියෙන බැදීම තේරෙන්නේ දැන් තමයි. මොනවා උනත් තව මාස 4 කින් මම අළුත් ගෙදරක් තනන්න ඉගිලෙන්න එපැය.
අදට මේ ටික ඇති...
හැමදෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!!

Sunday, 10 April 2011
Saturday, 2 April 2011
මල්ලිගේ උපන්දිනේ
කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් ලියන්නත් බැරි උනා. බස් පදින අය නම් දන්නවා මේ දවස්වල මට වැඩ තරම. ඒ වැඩ අස්සේ අපේ මල්ලි ඊයේ එයාගේ 23 වෙනි උපන් දිනේ සැමරුවා. ඉපදුනේ අප්‍රේල් 1 වෙනිදා උනාට එයාගේ මතකයටයි මොලේටයි ගහන්න කෙනෙක් අපේ පවුලේ නම් නෑ. හරි උවමනාවෙන් ඉගෙන ගත්තා නම් අද එයා අපි හැමෝටම වඩා ඉහල තැනක ඉන්නවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවනේ මල්ලිගේ කතා. දඹලාගේ නෑයා, පොඩි එකාගේ රචනාව, outstanding team එක.
ඒ කොහොම උනත් අපි හැමෝගෙම පණ එයා. අම්මයි තාත්තයි, මමයි එයාව බලාගන්නේ මැණිකක් බලාගන්නවා වගේ. 23 වෙනි උපන්දිනේ සැමරුවට අපිට තාම එයා පොඩි ළමයෙක් වගේ. කලින් දවසේ කේක් එකක්, ඉටිපන්දම් එක්ක ගෙනත් දුන්නම හිනාවෙච්ච ලස්සන මට තාම මතකයි. දැන් අවුරුදු කීපයක ඉඳං එයා ටිකක් අසනීපෙන් ඉන්නේ. ඒ නිසා අපි එයාව හැම තිස්සෙම සතුටින් තියන්නමයි බලන්නේ.
අද නම් ගොඩාක් ලියන්න වෙලා නෑ වගේ. ඒත් මගේ මල්ලිට නිරෝගී උපන්දිනයක් ඊළඟ අවුරුද්දෙවත් සමරන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.

Sunday, 20 March 2011
සිහිය....
සිහිය කියන දේ අපිට කොච්චර වටිනවද කියල තේරෙන්නේ සිහිය විකල් වුනු කෙනෙක් දැක්කමයි. අසිහියෙන් මොන තරම් දේවල් ඒ අය කරනවද. අපිට ඒ මනුස්සයට වැරැද්දක් කියන්නත් බෑනේ. සිහිය විකල් වුනු කෙනෙක් නැත්නම් සාමාන්‍යයෙන් කියන විදියට නම පිස්සෙකුට අම්මා තාත්තා කවුද කියලවත් අඳුරගන්න බෑනේ. ඒ වගේ කෙනෙක් ඒගොල්ලෝ කරන්නේ මොනවාද කියන්නේ මොනවාද කියල දන්නෙත් නෑ.
සාමාන්‍ය මිනිස්සු වන අපිට ඒ අය කරන එක දැක්කම තරහා යනවා තමයි. ඒත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ අය අනුකම්පාව ලැබිය යුතු කොටසක්. පිස්සු හැදෙනවා කියන්නේ මිනිහෙකුට හැදෙන්න පුළුවන් නරකම ලෙඩේ. පිස්සු හැදුනු කෙනෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන උනත් මිය යන තෙක්ම පිස්සෙක් විදියට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ මනුස්සයත්, එයාගේ පවුලේ අයත් මුළු ජීවිත කාලෙම විඳවනවා. පිස්සු හැදුන කෙනෙක් අම්මට, තාත්තාට ගැහුවත් ඉවසා ගෙන ඉන්න වෙනවා. මොකද ඒ මනුස්සයා හිතල කරන දෙයක් නෙවෙයි ඒක. අසිහියෙන් කරන දේකට ගහල බැනල වැඩක් නැති නිසා.
මීට අවුරුදු කීපෙකට කලින්, මනස අවුල් උනු කෙනෙක් කරපු සුළු වැරැද්දකට පොලිස් කාරයෙක් එලව එළවා පහරදුන්නා. ඒ මනුස්සයා ගහන්න එපා කියල වදිද්දී ඒ පොලිස් කාරය ලොකු පොල්ලකින් ඒ මිනිහට ගහල මුද මැදට දැම්ම. ඊට පස්සේ ඒ මනුස්සය ගිලිලා මැරුණා. මේ සිද්ධිය රුපවාහිනි නාලිකාවකින් පෙන්නුවා.
මම මේක ලියන්නේ ඇයි කියලා මාව හොඳට දන්න අය දන්නවා. අනෙක් අය මගෙන් අහන්න එපා ඇයි කියල. සිහිය විකල් වුනු අයට අනුකම්පාව දක්වන්න. ඒ අයත් කාගෙහරි සමීපතමයෙක්...
දන්නෙම නැතුව ආදරණීය නවාතැන සින්ඩි ලංකා වෙබ් අඩවියේ 'බ්ලොග් ස්ටාර්' තරගයේ තුන්වෙනි වටයටත් ඇවිත්. ඔන්න ඉතින් ආදරණීය නවාතැනට කැමති කෙනෙක් ඉන්නවා නම් මනාපයක් දෙන්න.

Subscribe to:
Posts (Atom)