නීල ගණදුර පැතිරෙන අඹරේ
සරා සඳ කුමාරි පිපියන් රහසේ
ශ්වේත වූ වළා කුමාරෝ රිසිසේ
වසාපන් මේ මා දිනමිණ විගසේ
(තේරුම: ගණ අඳුර පැතිරෙන අහසට එන්න සඳ කුමාරි, සුදු වලාකුළු විත් හිත් පරිදි වසන්න මේ මහා සුර්යයා)
මිහිකලා දුකින් වියලී ඇත සරියේ
මල්ඵල අතැර තුරුලිය හැඩවෙයි දුකිනේ
දියවලා නැගණි මුතු ඇට වැසි දෙමිනේ
වසාපන් මේ මා දිනමිණ විගසේ
(තේරුම: පොලෝ තලය වියලී ඇත, ගස් වැල් මල් ගෙඩි නැතිව දුකින් ඇත. වැහි වලාකුලක් ඇවිදින වැස්සක් දී වසනු මැන මේ මහා සුර්යයා)
ගගුලිය, දොළලිය මිහින් දුරු වී
සිසිලස සිතගත නොහදන කල්හී
මඳ මඳ තරුකැට අහසට වන්හී
වසාපන් මේ මා දිනමිණ විගසී
(තේරුම: ගංගා ඇලදොළ වියලී ගොසිනි, සිසිලසක් ඇත්තෙම නැත. යන්තම් දිලෙන කුඩා තරුකැට විත් වසනු මන මේ මහා සුර්යයා)
සරා සඳ කුමරි පිපිලා රහසේ
මල් ඵල ත්රුලිය වෙත ආ සතොසේ
ගගුලිය දොළලිය මිහිමත සැරසේ
වැසුවා මේ මා දිනමිණ විගසේ
(සඳ ඇවිත් අහසට, මල් ඵල ඇවිත් ගස් වලට, ගංගා ඇලදොළ පිරී ඉතිරි ගොසිනි. වසා ඇත මේ මහා සුර්යයා)